Jan 17, 2020

SLBC යට අධ්‍යක්ෂ ජනරාල්ලා 2යි - එක් අයෙක් චෝදනාලත් චන්ද්‍රපාල Featured

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස චන්ද්‍රපාල ලියනගේ මහතා ඊයේ (16) පෙරවරු 6.15ට පමණ එම ආයතනයට පැමිණ වැඩ බාරගෙන ඇතැයි වාර්තා වේ.

ඔහු මෙසේ හිමිදිරියේම විත් වැඩ බාරගෙන ඇත්තේ එම ආයතනයේ සිංහල සේවයේ ප්‍රධානියා වූ ඉන්දික ජයරත්න මහතාව අදාළ ධූරයට පත්කරමින් උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝතපාදන තොරතුරු තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා විසින් පත්වීම් ලිපියක් ලබාදී තිබියදී හා ඔහු විසින් අදාළ පත්වීම ලබාගන්නා බවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් රමණී ගුණවර්ධන මහත්මිය වෙත දන්වා තිබියදී බව පැවසේ.

ඉන්දික මහතාට එම ලිපිය ලබාදී ඇත්තේ පසුගිය ජනවාරි 06 වැනිදාය.

කෙසේවුවද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙබ් අඩවිය ඉකුත් දෙසැම්බර් 26 වැනිදා "ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්” යන සිරස්තලය යටතේ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස චන්ද්‍රපාල ලියනගේ මහතා සිය පත්වීම් ලිපිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ බලන සභාපති රමණී ගුණවර්ධන මහත්මිය අතින් භාරගත් බව දක්වමින් ප්‍රවෘත්තියක් පල කර තිබේ.

අදාළ ප්‍රවෘතිය පහත දැක්වේ.

SLBC News

මේ අතර, නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්ව සිටින චන්ද්‍රපාල ලියනගේ මහතාට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටිමින් සිදු කළ දූෂිත කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවෙකි.

ඒ අතරින්, 2015 ජනාධිපතිවරණයට අදාළව මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ දැන්වීම් ප්‍රචාරය කිරීමේදී සිදුවී තිබෙන රුපියල් කෝටි 15 1/2ක පමණ මූල්‍යමය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් වූ චෝදනාව හා රූපවාහිනී සංස්ථාවට අවශ්‍ය නොවන යකඩ බට (GI පයිප්ප) 600 ක් මිලදී ගෙන රජයට රුපියල් නව ලක්ෂ අනූදහසක පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පැවරූ නඩුවේ චූදිතයෙකි.

සබැඳි පුවත්
SLBC සභාපති චූලා, අධ්‍යක්ෂ ජනරාල් ඉන්දික


 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top