Jan 17, 2020

දෝනි කොන්ත්‍රාත්තුවෙන් ඉවතට, ක්‍රිකට් වලට ආයුබොවන් කියයිද ?

ඉන්දීය සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවෙන් ඉවත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවෙන් මෑත කාලයේ බිහිවු දක්ෂතම පිතිකරුවෙකු මෙන්ම සාර්තකම නායකයෙකු වු දෝනි පසුගිය වසරේ පැවති ලෝක කුසලානයෙන් පසුව කණ්ඩායමට නම් කෙරුණේ නැත.  

මේ දක්වා ඔහු ඒ ශ්‍රේණියේ ක්‍රීඩකයෙකු වශයෙන් වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටියේය.

මෙවර අයි. පී. එල්. තරඟමාලාවේදී ඉහළ දස්කම් දැක්වුවහොත් පළපුරුදු ක්‍රීඩකයා නැවත විස්සයි - 20 කණ්ඩායමට කැඳවීමට අවධානය යොමු කරන බව ඉන්දීය ප්‍රධාන පුහුණූකරු රවී ශාස්ත්‍රීපවසා තිබේ.

මේ අනුව මහේන්ද්‍ර සිං දෝනි ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම අංශවලින් සමුගනු ඇති බවට අනාවැකි පළවෙයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top