Jan 17, 2020

දෙවැනි හඬපටය Edit කරපු එකක් - හිරුණිකා (වීඩියෝ)

තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර සිදුවූ බව කියමින් සමාජ ජාලවලට මුදාහැර ඇති දෙවැනි හඬපටය සංස්කරණය කරන ලද්දක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ආණ්ඩුව විසින් අද වන විට හඬපට භාවිතා කරන්නේ රටේ ප්‍රධාන ප්‍රශ්න අමතක කිරීමට බවද ඇය සඳහන් කරයි.

“මේ වන විට මගේ යැයි කියන හඬපට 2ක් එළියට ඇවිත් තිබෙනවා. පළමු හඬපටයේ කථා විලාශයත් දෙවැනි හඬ පටයේ කථා විලාශයත් බලන්න. කථාව සංස්කරණය කරපු හඩ පටයක් තමයි මේ දෙවැනි හඬ පටය. අද රටේ ප්‍රධානම ප්‍රශ්න යටපත් කරන්න මේ හඬපට භාවිත කරනවා. මම අභියෝග කරනවා පුළුවන්නම් ඇත්ත හඩ පට ප්‍රසිද්ධ කරන්න”

තම නිල ෆේස්බුක් පිටුව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය මේ බව කියා සිටියාය. එම වීඩියෝව නැරඹීම සඳහා මෙතනින් පිවිසෙන්න.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top