Jan 17, 2020

රාජිතට එරෙහි පෙත්සමට මොකද වෙන්නෙ ? තීන්දුව 21 වැනිදා

මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සැකකරු ලෙස නම් කර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළ ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන්න නියෝගය ලබන 21 වැනිදා ප්‍රකාශ කරන බව  කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියම කළේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සහ අධිකරණය හමුවේ පෙනී සිටි වග උත්තරකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන්න නියෝගය ලබන 21 වැනිදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top