Jan 17, 2020

ඩ්‍රෝන යානා තහනම ඉවතට

ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සඳහා පනවා තිබූ නීති ලිහිල් කර තිබේ.

ඒ අනුව එම යානා ක්‍රියාත්මක කිරීම සඳහා තවදුරටත් ආරක්ෂක අමාත්‍යාංශ අවසරය අවශ්‍ය නොවනු ඇත.

කෙසේ වෙතත් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේ, රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන මර්මස්ථානවල ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

අදාළ යානා ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ අවසරය ලබා ගැනීම ඉවත් කළ ද, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය තවදුරටත් ලබාගත යුතු වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top