Jan 18, 2020

SMS ඇඩ් දැමිල්ල අත්හිටුවයි !

දුරකථන පාරිභෝගිකයා ඉල්ලා නොසිටින සියලු ප්‍රවර්ධන කෙටි පණිවුඩ වලින් ඉවත්වීම සඳහා පහසුකමක් ඇතුළත් කරන ලෙස සියලුම දුරකථන ක්‍රියාකරුවන්ට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව උපදෙස් ලබාදී තිබේ.

අදාළ නියාමනය මගින් පාරිභොගිකයාට එවැනි කෙටි පණිවිඩ ලැබීම අත්හිටුවීමේ අයිතිය හිමිවන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම කියයි.

අදාළ ඉවත්වීමේ පහසුකම පාරිභොග්කියන්ට නොමිලේ ලබා ගැනීමට හැකි බව පැවසේ.

ලබන මාර්තු මාසයට පෙර මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට කෙටි පණිවිඩ (SMS) ඔස්සේ සිය ඡන්ද ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට ද නොහැකි වනු ඇති බව පැවසේ.

TRC SMS MESSAGE

2020 ට ජනපති ගෝඨාභය සුබ පැතුවේ නෑ

මේ අතර, 2020 ජනවාරි පළවැනිදා වෙනත් වසරවල මෙන් ජනාධිපතිවරයා දුරකථන පාරිභෝගිකයන් වෙත සුභපැතුම් කෙටි පණිවුඩ එවා නොතිබිණි.

පසුගිය වසර ගණනාව මුළුල්ලේම අලුත් අවුරුද්දට මෙන්ම සිංහල අලුත් අවුරුද්දටද ජනාධිපතිවරයා ගේ සුබපැතුමක් මෙරට සියලු ජංගම දුරකථන පාරිභෝගිකයන් වෙත පණිවුඩයක් ලෙස එවා තිබුණි.

ආසන්න වසර කිහිපයේදී ජනාධිපතිවරයාට අමතරව අගමැති වරයාගේ ද සුභ පැතුම් කෙටි පණිවුඩයක් අලුත් අවුරුදු දිනයේදී ලැබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top