Jan 18, 2020

හිටපු ආණ්ඩුකාරවරුන්ට තවමත් ඇමති ආරක්ෂාව Featured

පසුගිය රජය සමයේ පත්කර තිබූ පළාත් ආණ්ඩුකාරවරුන්ට තවදුරටත් ඇමැති ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තා වේ.

පසුගිය රජය සමයේ අවස්ථා ගණනකදී මාරුකරන ලද හිටපු ආණ්ඩුකාරවරුන්ට මෙසේ දිගටම ඇමැති ආරක්ෂාව ලබා දී ඇත.

අනුව හිටපු ආණ්ඩුකාරවරුන්ට ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකු තවදුරටත් ආරක්ෂාව සපයන බව එම ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවස්ථා ගණනකදී පළාත් ආණ්ඩුකාරවරුන් මාරු කිරීම්, ඉවත් කිරීම් සිදුකළ අතර වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ පසු ,පසුගිය ආණ්ඩුව සමයේ සිටි ආණ්ඩුකාරවරුන් ඉවත්කර නව ආණ්ඩුකාරවරුන් පත් කළේය. 

බස්නාහිර හිටපු ආණ්ඩුකාර ඒ. එම්. මුසම්මිල් පමණක් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කෙරුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top