Jan 18, 2020

ලොව මිටිම මිනිසා මිය යයි

ලොව උසින් අඩුම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියූ නේපාලයේ කාගේන්ද්‍ර තාපා මාගර් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෙන්ටිමීටර් 67යි මිලිමීටර් 8ක් උසැති ඔහු මියයන විට 27 හැවිරිදි වියේ පසුවිය.

2010 වසරේ පැවති සිය 18 වැනි උපන් දිනයදා ඔහු ලොව උසින් අඩුම තැනැත්තා ලෙසට ගිනස් වාර්තා පොත් අතරට එක්විය.

කත්මණ්ඩු අගනුවර සිට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි රෝහලකදී ඔහු මියගොස් තිබුණේ නියුමෝනියා රෝගී තත්වයට ගොදුරුවීම හේතුවෙන් බව වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top