Jan 18, 2020

රජිනිකාන්ත්ට ලංකාවට එන්න තහනමක් නෑ - නාමල්

සුපිරි කොලිවුඩ් තරුවක් වන සහ දේශපාලඥයෙක් වන රජිනිකාන්ත්ට මෙරටට ඇතුළු වීමට කිසිඳු බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ට්විටර් සටහනක් තබා ඇති මන්ත‍්‍රීවරයා දකුණු ඉන්දීය නළුවාට වීසා ලබා දීම ලංකා රජය ප්‍රතික්ෂේප කළ බවට පැතිර යන්නෙ වැරදි ප්‍රචාරයක් බව සඳහන් කරයි.
රජිනි කාන්ත් මහතාගේ රසිකයන් විශාල ප්‍රමාණයක් මෙරට සිටින බවත් තමා මෙන්ම තමාගේ පියාද ඔහුගේ සිනමා රසිකයන් බවත් නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පසුගියදා ඉන්දියාවේ සංචාරය කළ විග්නේෂ්වරන් මහතා රජිනිකාන්ත් සමඟ මෙරට ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇති අතර රජිනිකාන්ත්ට මෙරට සංචාරයකට පැමිණෙන්නැයි ආරාධනා කර තිබුණි.

RajinikanthT 670px 20 01 18

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top