Jan 20, 2020

රන්ජන්ගේ රෙකෝඩ්ස් විමර්ෂණයට සිංගප්පූරුවෙන් ගැජ මැටික්ස් ගෙන්නයි Featured

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සතුව තිබූ  ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට ප්‍රමාණය විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් පොලිස් දෙපාර්තමේන්තුව සතුව නොමැති හෙයින් අධි ධාරිතාවකින් යුත් නවීන සන්නිවේදන උපකරණ පටිගත කිරීමේ උපකරණ සිංගප්පූරුවෙන් ඇනවුම් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

මෙම හඬපට පිටපත් කිරීම සඳහා දැනට මෙරට ඇති  නවීනතම උපාංග වලින් සමන්විත ධාරිතාවයෙන් යුත් දෘඩ තැටි ඇතුලු උපාංග රජයේ රස පරීක්ෂණවරයා වෙත යොමුකර ඇති බවද එම ප්‍රමාණය ප්‍රමාණවත් නොමැති හෙයින් අවශ්‍ය  උපකරණ මෙලෙස සිංගප්පූරුවෙන් ආනයන කර ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම උපකරණ අද (20) හෝ හෙට (21) යන දිනයන් වල  ලැබීමට නියමිත බවද පැවසේ.

රන්ජන් රාමනායක මහතා සතුව  තිබී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ හඬපට විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස්  අධිකාරීවරුන්ගෙන්  සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පසුගියදා පත්කළේය.

හඬපට ඕස්ට්‍රේලියාවටත් යවලා
 
තවත් හඬපට රැසක් ඕස්ට්‍රේලියාවේ සහ එක්තරා ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර ඇති බවද අවශ්‍ය මොහොතක ඒවා ඉදිරිපත් කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසා තිබේ.

ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් සතිඅන්ත පුවත්පතක් මගින් මන්ත්‍රීවරයාගෙන් කරුණු විමසූ අවස්ථාවක ඔහු මේ බව පවසා ඇත.

තමන් මෙලෙස හඬපට ළඟ තබාගත්තේ යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු ඉෂ්ට කිරීමට බවත් හොරුන් දූෂිතයන් යහපාලන ආණ්ඩුව විසින් ආරක්ෂා කළ නිසා තමන් ජනතාවට දුන් පොරොන්දුව වෙනුවෙන් පෙනී සිටි බවත් කියා ඇති රන්ජන් රාමනායක මේ ගැන විමර්ශනයට තමන් ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටින බවත් එය පිහිට වූ පසුව ඒ හමුවේ පෙනී සිටිමින් සියල්ල හෙළිදරව් කරන බවත් සඳහන් කර තිබෙනවා.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top