Pasidol
Sathosa Ad Final Sinhala
Feb 03, 2017

සයිටම් බොරුව - කුසල් පෙරේරා (වීඩියෝ) Featured

කන්නංගර ප්‍රතිසංස්කරණ වලින් සිදුකරනු ලැබුවේ අධ්‍යාපනය අයිතියක් ලෙස පිළිගැනීමත්, ඒ අයිතිය සාක්ෂාත් කිරීමට මුදල් ගෙවා පාසල් යැවිය නොහැකි දෙමවුපියන්ගේ දරුවන් වෙනුවෙන් රජය මුදල් යොදා පාසල් ආරම්භ කිරීම බව ප්‍රවීනමාධ්‍යවේදී, දේශපාලන විචාරක කුසල් පෙරේරා මහතා කියයි.

එසේම කන්නංගර සැසිවාර පත්‍ර 24 සම්මත කරන විටද, ලංකාවේ පෞද්ගලික පාසල් 1,114ක් තිබූ බවත්, කන්නංගර ප්‍රතිසංස්කරණ වලින් ඒ පාසල් නොවැසූ අතරම ඒවා රජයට පවරා නොගත් බවත් ඒ මහතා කියා සිටියේය.

රුහුණ විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යන අංශය විසින් ඊයේ (02) සංවිධානය කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

තවද රජය විසින් අමාරුවෙන් පවත්වාගෙන ගිය පෞද්ගලික පාසල් වලට ආධාරද කළ බව ඔහු සඳහන් කළේය.

 මේක කුහක ප්‍රශ්න කිරිල්ලක් 

දැනට ද පෞද්ගලික පාසල් 44ක් ඉතිරිව ඇති බව පැවසූ පෙරේරා මහතා, අවුරුදු 13 ක විදිමත් අධයාපනයට මුදල් ගෙවා අධයාපනය ලබන දරුවන්ටත් රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුළුවීමට අයිතියක් ඇත් නම්, ඒ අයිතිය පිළිගන්නවා නම් එය ප්‍රශ්න නොකරන්නේ නම් සයිටම් පමණක් ප්‍රශ්නකරන්නේ මන්දැයි ඔහු විමසා සිටියේය.  

එය කුහක ප්‍රශ්න කිරිල්ලක් බවද ඔහු කියා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ කීය.

RC 001

RC 002

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top