Jan 20, 2020

වඳවෙලා යැයි කියු කලුකොටි ශ්‍රී පාදයෙන් මතුවෙයි

ශ්‍රී ලංකාවේ වඳවී ගිය බව පැවැසෙන කලු කොටින් සජීවී කැමරාවක සටහන්ව තිබේ.

කලු කොටින් නෙතට ගැටුණු බව පැවැසූ ප්‍රදේශවල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සවිකළ කැමරාවල මෙම කලු කොටින් සටහන්ව තිබේ.

ගැහැණු සත්වයෙකු, පිරිමි සත්වයෙකු හා තවත් පැටවුන් දෙදෙනෙකු මෙසේ කැමරාවක සටහන්ව තිබූ බව වාර්ත වේ.

මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ කලු කොටියෙකු මන්දකට හසුවී මියගොස් සිටියදී සොයා ගැණුනු අතර එම සත්වයාගේ හම යොදාගෙන සත්වයෙකු නිර්මාණය කර ගිරිතලේ මහජන ප්‍රදර්ශනයට තබා තිබේ.

පසුගිය 2019  වසරේදී මෙම සතුන් මුලින්ම හමුව තිබේ. කලු කොටින් ඉතාමත් දුර්ලභ වේ. 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top