Jan 20, 2020

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට අලුත්ම වැඩක්

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පත් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊට සංචාරක අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම යන ආයතනයන් වල ඉහළ නිලධාරින් ඇතුලත් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට සංචාරක ව්‍යාපාරය මුහුණපා ඇති ගැටලු හඳුනාගෙන ඊට විසදුම් සැකසීම හා එම යෝජනා ක්‍රියාත්මක කිරිම මෙම බලකායට පැවරෙනු ඇත.

සති 02ක් තුළ මේ සදහා වන වැඩ පිළිවෙල තමන් වෙත ඉදිරිපත් කරන ලෙස මෙම කාර්ය සාධන බලකායට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top