Jan 23, 2020

බෝනොවන ලෙඩ හැදෙන කිරිපිටි සීමා කරන්න යයි Featured

කිරිපිටි ආනයනය සීමා කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ ප්‍රශ්නයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතුරු ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේ ඊට පිළිතුරු ලබා දෙමින්  අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. 
ජනතාව තුළ දියර කිරි භාවිතය ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බව පැවසූ අමාත්‍යවරිය ඊට අදාළ වෙනත් පාර්ශව සමඟ කඩිනමින් සාකච්ජා කරන බවද පැවසුවාය.

බෝනොවන ලෙඩ හැදෙන්න ප්‍රධාන සාධකය කිරිපිටියි

කිරිපිටි භාවිතය නිසා මිනිස් සිරුරේ සෑම අවයව පද්ධතියකටම හානිකර ප්‍රතිඵල ඇතිවන බවද බෝනොවන රෝග වැලඳීමට කිරිපිටි ප්‍රධාන සාධකයක් වී ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගියදා සඳහන් කළේය. 

ආනයනික කිරිපිටි පරිභෝජනය මිනිස් සිරුරට තදබල ලෙස අහිතකර බව පෙන්වාදීමෙන් පසු චර්යාත්මක හා ආකල්පමය වෙනසක් සමාජය තුළ දක්නට ලැබුණු බවද ඔවුන් අවධාරණය කරයි.

සබැදි පුවත්

බෝනොවන ලෙඩ හැදෙන්නේ කිරිපිටි නිසයි

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top