Jan 23, 2020

විනිසුරු පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි නීතිපති කියයි Featured

වරෙන්තුවක් ලබා ගෙන වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරීනි රජ‍යේ අධි නීතිඥ නිශාර ජයරත්න මෙනවිය පවසන්නේ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමඟ සිදුකල මතභේදාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් ඉදිරිපත් වු සියලු සාක්ෂි හා කරුණු සළකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත.

ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අධිකරණමය නීතිමය කාර්යක් සඳහා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට සැකකාර රන්ජන් රාමනයාක මන්ත්‍රිවරයා සමඟ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බව නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී තිබේ.

ඒ අනුව එම විනිසුරුවරයා සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කිරීමෙන් පසු වරෙන්තුවක් ලබා ගැනීමට පියවර ගෙන නියමිත මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇත.

මීට අමරතව හිටපු විනිසුරුවරුන් වන පද්මිණී රණවක, ගිහාන් පිලපිටිය සහ ධම්මික හේමපාල යන අය රංජන් රාමනායක මන්ත්‍රිවරයා සමඟ සිදුකළ දුරකථන සංවාද පිළිබඳ තාක්ෂණික සාක්ෂි අදාළ දුරකථන සේවා සපයන ආයතනවලින් ලබා ගන්නා ලෙසද නීතිපතිවරයා උපදෙස් දී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top