Jan 24, 2020

සජිත් ආයෙත් නියෝජ්‍ය නායක ! Featured

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වු සජිත් ප්‍රේමදාස මහතා යළි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පක්කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ.

මේ අතර ලබන සදුඳා (27) වනවිට එක්සත් ජාතික පක්ෂ කෘක්‍යාධිකාරී මණ්ඩලයට සියලු සාමාජිකයන් පත් කිරීම අවසන් කිරීමට නියමිතව ඇති බවද පැවසේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා පත්කිරිම් සියල්ලක්ම මේ වනවිට අවසන් අදියරේ ඇති බවද වාර්තා වේ.

එසේම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික්රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු උපදේශක මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදුකර ඇති බවද පැවසේ.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලු විසදීම සදහා ඡන්දයක් නොපවත්වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු කළ ඉල්ලිමට අනුව අර්බුදයකින් තොරව එය විසදාගැනීමට එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ක්‍රමවේදයක් සකසමින් සිටින බව හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍යට පවසා තිබේ.

මේ අතර, පක්ෂ නායකත්වය ඉල්ලීමට පෙර සජිත්ට වැඩ පෙන්වන්නැයි කියමින් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයක් දියත්ව තිබේ.

එසේ පලවූ මතයක් පහත දැක්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top