Jan 24, 2020

උතුරු මැද ආණ්ඩුකාරයා තිස්ස ද? අනිල ද ? Featured

උතුරු මැද ආණ්ඩුකාරයා තිස්ස විතාරණ මහතා ද නැතිනම් ඒ මහතාගේ උපදේශක අ.නි.ල. අමරතුංග මහතා දැයි උතුරු මැද පළාත් රැකියාවිරහිත උපාධිධාරීන් විමසා තිබේ.

ඒ උතුරුමැද පළාත් උපාධිධාරීන් හා තිස්ස විතාරණ මහතා අතර පැවැති සාකච්ඡාවකදීය.

එම සාකච්ඡාවේදී තිස්ස විතාරණ මහතා කථා නොකර සිටියදී අනිල මහතා දිගින් දිගටම කථා කිරීම නිසා මේ විමසීම සිදු කර තිබේ.

අනිල මහතා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද කලක් කටයුතු කර තිබේ.

මේ අතර, උතුරු මැද පළාත් සභාවේ ආයතන සඳහා ප්‍රධානීන් පත් නොකිරීමත්, පත්කළ ඇතැම් ප්‍රධානීන් උතුරු මැද පළාතෙන් පිට රුවන්වැල්ල වැනි ප්‍රදේශවල අයවීමත් හේතුවෙන් එහි කටයුතු ගැටලුකාරී වී ඇතැයි වාර්තා වේ.

පසුගිය දිනක උතුරු මැද පළාත් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සමඟ සාකච්ඡාවක් කැඳවා උතුරු මැද පළාත් ආණ්ඩුකාරයා තේ පානයට යැයි කියමින් පිටව ගොස් බොහෝ වේලාවක් නැවත නොපැමිණි නිසා ප්‍රාදේශිය සභා සභාපතිවරුන් රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇති බවද මේ අතර වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top