Jan 24, 2020

ගානියාගේ කෝල්ස් හා නිශාන්ත ගැන CIDය ශානිගෙන් පැය 6ක් ප‍්‍රශ්න කරයි Featured

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවක පැහැර ගැනීමට ලක්වූ බව කියවෙන සිදුවීමට අදාලව සැකකටයුතු දුරකථන සංවාද සම්බන්ධයෙන් දැනට වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතාගෙන් එම දෙපාර්තමේන්තුව ඊයේ (23 ) වැනිදා පෙරවරු 9.15 සිට පස්වරු 3.15 පමණ වනතුරු ප‍්‍රශ්නකර ප‍්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වේ.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවක වූ ගානියා බැරිස්ටර් පැහැර ගැනීමට ලක්වූ බව කියන කාලසීමාවේදී සැකකටයුතු දුරකථන ඇමතුම් ජාලයක් කි‍්‍රයාත්මක වී තිබූ බව මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පැවසේ.

මෙම දුරකතන සංවාද ජාලය කි‍්‍රයාත්මක වී ඇත්තේ පැහැර ගැනීමට ලක්වූ බව කියූ ගානියා බැනිස්ටර් සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ හිටපු කර්තෘ දර්ශා බැස්ටියන් ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපති කි‍්‍රශාන්ත කුරේ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සහ මේ වනවිට රටින් පලා ගොස් සිටින පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා  යන අය අතර බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

නිශාන්ත සිල්වා ගැනත් ප්‍රශ්ණ කරයි

මේ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා නමැත්තා රටින් පලායෑම සම්බන්ධයෙන් ද ශානි අබේසේකරගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top