Jan 25, 2020

මහජන මුදල් පිළිබද කාරක ලොකු පුටුවට සුමන්තිරන් නම් වෙයි

මහජන මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තීරණය කර තිබේ.

ඒ තේරීම් කමිටු සභාපති කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදීය.

ඒ අනුව රාජ්‍ය ගිණුම් කාරක සභාව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කමිටුව සහ රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ සාමාජිකයින් මේ වනවිට නම් කර ඇත.

එම කාරක සභාවල සභාපතිවරුන් පත් කිරීම කාරක සභා රැස්වු අවස්ථාවලදී සාමාජිකයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සිදුවනු ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top