Jan 25, 2020

පසුගිය වසර 5 තුළ ලංකාව එක තැන පල් වෙලා

දූෂණ සංජනන දර්ශකයට (CPI) අනුව පසුගිය වසර 5 තුළ ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් පෙන්නුම් කිරීමට අසමත්ව ඇති බව දුෂණයට එරෙහි ගෝලීය එකමුතුව වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ආයතනය විසින්  නිකුත් කළ වාර්තාවකින් හෙළිවී තිබේ.

ශ්‍රී ලංකාව පෙර වසරේ ලබා ගත් අගය ලබා ගනිමින් දූෂණ සංජනන දර්ශකය තුළ 38 වැනි ස්ථානයේ පසුවෙයි.

දූෂණ සංජානන දර්ශක පරිමාණය ලකුණු දීම 0 (බෙහෙවින් දූෂිත) සිට 100 (ඉතා පිරිසිදු) දක්වා ආකාරයට අගයන් ලබා දීම සිදු වේ. 

දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව ලබාගත් අගය අනුව එය භූතානය (68) සහ ඉන්දියාව (41) යන රටවල් දෙකටත් වඩා පසුපසින් බව එම නිවේදනයේ සඳහන් වේ. 

2013 වසරේ සිට 36 සහ 38 යන අගයන් අතර ඉහළ පහළ යමින් වාර්තා වන දූෂණ සංජානන දර්ශක දත්ත හරහා පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වාතාවරණය එක තැන පල් වන තත්ත්වයක් බවත් එහි සඳහන් වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top