Jan 27, 2020

IDH රෝගීන්ට කොරෝනා නෑ, ජනපතිගේ නියමයෙන් කමිටුව අද රැස්වෙයි Featured

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙමින් අංගොඩ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ රෝගීන් සිව්දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

මෙම රෝගීන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් චීන ජාතික කාන්තාවන් වන අතර අනෙක් දෙදෙනා ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් වේ.

ඔවුන්ගේ රුධිර සාම්පල ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතයේදී පරීක්ෂාවකට ලක්කළ අතර එහිදී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී තිබේ.

කොරෝනා සොයන්න පත් කල කමිටුව අද රැස්වෙයි

කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා පත් කරන ලද ජාතික ක්‍රියාකාරී කමිටුව අද (27) රැස්වීමට නියමිතය.

ඒ අද පස්වරු 05.00ට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත පත් කරන ලද මෙම කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙහිදී වෛරසය පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සහ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක වැඩපිළිවෙල පිලිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.

ඔවුන්ගේ රුධිර සාම්පල ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතයේදී පරීක්ෂාවකට ලක්කළ අතර එහිදී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top