Jan 27, 2020

CIDයට ආපු ශානිට නිල රථය දුන් ASP ගැන පරීක්ෂණ Featured

අධිකරණ නියෝගයක් මත ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් 23 වැනිදා රහස් පොලිසියට පැමිණි එහි හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට පිටත්ව යාමට සිය නිල රථය ලබාදුන් බව කියන රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකු සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් නිලධාරියකුට ගමන් කිරීමට පොලිස් නිල රථයක් ලබාදීම පොලිස් නීති පටිපාටියට අනුව වැරදි ක්‍රියාවක් බවද පැවසේ.

වැඩ තහනමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට රහස් පොලිසියේ සිට යෑමට සිය නිල රථය ලබාදුන් බව කියන එම සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශයක් ද ලබාගත් බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

පොලිස්පතිවරයා ගමන් කරන ප්‍රවේශ මාර්ගය ඔස්සේ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂවරයා පිටව ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top