Jan 28, 2020

ගුවන්තොටුපොළ පර්යන්තයට ඇතුළුවීම මගීන්ට පමණයි

කටුනායක ගුවන්තොටුපොළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමඟ පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම තාවකාලිකව නවත්වා තිබේ.

අද (28) පෙ.ව. 6.00 සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන ඇති අතර කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේඅතර චීනයේ සිට මෙරට සංචාරය කිරීමට පැමිණෙන චීන සංචාරකයන් සඳහා පැමිණීමේදී ලබාදෙන වීසා පහසුකම් (On Arrival Visa) තාවකාලිකව අත්හිටුවා ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top