Jan 28, 2020

චීනයෙන් එන සිසුන් දියතලාවට

චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන් සති දෙකක කාලයක් දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා තබන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඇමතිවරිය මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඔවුන් එහි කාමරවල වෙන් වෙන්ව රඳවා තබාගෙන පරීක්ෂාවන්ට ලක්කරන බවද වාර්තා වේ.

එමෙන්ම චීනයේ සිට මෙරටට පැමිණෙන සියලු දෙනා සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන සෞඛ්‍ය අංශ මගින් නිරන්තර පරීක්ෂාවන්ට ලක්කිරීමට පියවර ගෙන ඇතැයිද ඇය සදහන් කළාය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top