Jan 28, 2020

කෝබේ ගේ ගුවන් අනතුර ගැන විමර්ෂන

ඇමෙරිකානු පැසිපන්දු තරුවක් වන කෝබේ බ්‍රයන්ට්, ඔහුගේ දියණිය ඇකුළු නව දෙනෙකුට මරු කැඳ‍වමින් පසුගියදා ඉරිදා කැලිෆෝනියාවේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරට හේතු සොයා ගැනීමට විමර්ෂනයක් ආරම්භ වී තිබේ.

කාලගුණික තත්ත්වයන් හා යාන්ත්‍රික දෝෂ සම්බන්ධයෙන් විමර්ශකයින් අවධානය යොමු කෙරෙනු ඇත.

සිය පෞද්ගලික හෙලිකොප්ටරයකින් ඔහු ගමන් කරමින් සිටයදී කැලිෆෝනියා ප‍්‍රාන්තයේ කැලබෑසස් නගරය ආසන්නයේදී මෙලෙස අනතුරකට පත්වී ඇති බව පැවසේ.

අනතුර සිදුවන විටදී ප‍්‍රදේශයේ ඝන මීදුම් තත්ත්වයක් පැවැති බවත් යානය කඩා වැටෙනවාත් සමගම එය ගිනිගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඇමෙරිකානු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පැසිපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන බ්‍රයන්ට්, ලොස් ඇන්ජලීන් ලේකර්ස් කණ්ඩායම වෙනුවෙන් පස් වතාවක් NBA ශූරයෙකු වන අතර, ද්විත්ව ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙක්ද වෙයි. ඔහු 2016 අප්‍රේල් මාසයේදී විශ්‍රාම ගියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top