Feb 07, 2020

නොරොච්චෝලේ මෙගාවොට් 300ක් හංගලා Featured

රට තුළ විදුලි අර්බුදයක් මතුකර ඩීසල් බලාගාර හිමියන්ගෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් එක්වී කළ සැලසුමක් ව්‍යර්ථ කිරීමට හැකි වී ඇතැයි වාර්තා වේ.

විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා මේ පිළිබඳව ඉතා විමසිල්ලෙන් සිටි නිසා එකී සැලසුම ව්‍යර්ථ කිරීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

ඉකුත් ඔක්තෝබර් 18දා සිට නතර කර තිබූ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ මෙගාවොට් 300කින් යුත් එක් අදියරයක් නඩත්තු කටයුතු නිමව තිබියදීත් ජාතික විදුලි පද්ධතියට එක් නොකිරීමට එක්තරා නිලධාරි පිරිසක් කටයුතු කර ඇතැයි මූලික සොයා බැලීම්වලදී තහවුරු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී  ලංකා මහජන උපයෝගිතා කොමිසමෙන් පවා අවසර නොගෙන ඉකුත් සඳුදා (03දා) රට පුරා ප්‍රදේශ රැසකට පැය දෙකක කාලයක් කලින් නොදන්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමටද පිරිසක් කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත්, ඇමැති මහින්ද අමරවීර මහතාත් මැදිහත්වූ පසු කෙරවළපිටිය හා කැලණිතිස්ස සුජිට් බලාගාරයට අවශ්‍ය ඉන්ධන ලබාගෙන ඒ ආධාරයෙන් මෙගාවොට් 465ක් ජාතික විදුලි පද්ධතියට එක්කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top