Feb 07, 2020

2020 මුල් දින 15 තුළ ස්ත්‍රී දූෂණ, අපයෝජන දෙසීය පන්නයි!

මේ වසරේ පළමු දින 15 තුළදී දිවයිනේ විවිධ පොලිස් කොට්ඨාශ වලින් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන 42 ක් සහ ළමා අපයෝජන 54 ක් වාර්තා වී ඇති බව පාර්ලිමේන්තුවේදී අද (07) හෙළිදරව් කෙරුණි.

එක්සත් ජාතීන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් යොමු කරන ලද පැණයකට පිළිතුරු වශයෙන් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 78 ක්, බරපතල ලිංගික අපයෝජන 21 ක් සහ ළමා අපයෝජන 34 ක් පිළිබඳ විමර්ශන මේ වන විට අවසන් කර ඇති බවයි.

මෙවැනි සිද්ධීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ මඩකලපු පොලිස් කොට්ඨාශ වලින් බවත්, ඉහත කාලවකවානුව තුළදී එම ප්‍රදේශයෙන් ස්ත්‍රී දූෂණ 44 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් අටක් සහ ළමා අපයෝජන සිද්ධීන් 17 ක් වාර්තා වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දත්ත අනුව 2012 සිට 2020 දක්වා කාලය අතරතුරේදී ස්ත්‍රී දූෂණ සිද්ධීන් 11,998 ක්, බරපතල ලිංගික අපයෝජන 4,806 ක් සහ ළමා අපයෝජන 5,891 ක් වාර්තා වී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top