Feb 12, 2020

රට ගොඩගන්න පැය 2ක් නිකන් වැඩකරමු - සිංහල දීප ජාතික පෙරමුණ

දූෂිතයන්ට, බාර් පර්මිට් ඇති අයට නාමයෝජනා ලබා නොදී සිටීම පක්ෂ නායකයින්ගේ යුතුකමක් බව සිංහල දීප ජාතික පෙරමුණ කියයි.

එහි කොළඹ දිස්ත්‍රික් ජාතික සංවිධායක ආචාර්ය බුද්ධික අධිකාරී මහතා අද (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අකාර්යක්ෂම පිරිස නැතිනම් වැඩල් කළ නොහැකි පිරිස ද පාර්ලිමේන්තුවට නොයැවිය යුතු බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

මේ අතර, එම පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් ප්‍රචාරක ලේකම් සමීර විදානගෙදර මහතා කියා සිටියේ මෙය ලාංකිකයන්ට ඇති අවසන් අවස්ථාව බවත්, රට ගොඩ නැගීමට නම් කැපවීමෙන් වැඩ කළ යුතු බවයි.

එසේම රට ගොඩ නැගීමට දිනකට පැය 2ක කාලයක් නොමිලේ වැඩ කිරීමට ද ඔහු ජනතාවට යෝජනාවක් ඉදිරිපත් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top