Feb 12, 2020

රනිල් - සජිත් විරසකය ඉවරයි!

ඉදිරි මහ මැතිවරණයට තරග කළ යුතු ආකාරය පිළිබඳව තීරණාත්මක තීන්දුවක් ගැනීමට එජාප නායක - රනිල් වික්‍රමසිංහ මහතා හා එහි නියෝජ්‍ය නායක - සජිත් ප්‍රේමදාස මහතා අද (12) අතර පැවති සාකච්ඡාව ඉතා සාර්ථකව අවසන්වී ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

යම් යම් කාරණා සම්බන්ධයෙන් දෙපාර්ශවයටම ගැටළු පැවතියද ඒවා අවසන් කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබේ.

ඒ අනුව, මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර, අදාල ගැටළු විසඳා ගැනීමට කමිටුවක් පත් කර ඇත.

එම කමිටුවට දෙපාර්ශවයෙන් සාමාජිකයන් පස්දෙනා බැගින් නම් කිරීමට නියමිතය. ඉදිරි මහමැතිවරණයට තරග කරන ලකුණ සම්බන්ධ ගැටළුවේ මූලික ගැටුම් ද අද දිනයේ පැවති හමුවේදී නිරාකරණය කරගෙන ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වැඩිදුරටත් වාර්තා වේ.

තවද, දෙපාර්ශවේ වාසි තකා සිදුකරන මාධ්‍ය සංදර්ශන නවතා දැමීමටද දෙපාර්ශවය එකඟ වී තිබේ. 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top