Feb 13, 2020

මෛත‍්‍රීගේ නඩු දුවට ?

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ දියණිය වන ධරණි සිරිසේන ඊයේ (12) අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී නීතිඥවරියක් ලෙස දිවුරුම් තිබේ.

නීතිඥවරියක් ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගිවීම සඳහා හිටපු ජනාධිපතිවරයාද සහභාගීවී තිබේ.

පසුගිය කාලයේදී රාපක්ෂ පවුලේ නඩු වෙනුවෙන් පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නීතීඥ්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙනී සිටියේය.

ඉදිරියේදී සිරිසේන පවුලේ නඩු වෙනුවෙන් හයවැනි විධායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මද්දුම දෝනි ධරණි සිරිසේනද පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
මේ පිලිබද හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සිය ෆේස් බුක් ගිණුමේ මෙවැනි සටහනක් පළකර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top