Feb 13, 2020

බදියුදීන්ට එරෙහිව මුසම්මිල්ගෙන් පැමිණිල්ලක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව අද (13) පොලිස්පතිවරයා වෙත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

2018 ඔක්තෝබර් 26 දෙසැම්බර් 16 වැනිදා දක්වා කාලය තුළ රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ ඇමෙරිකානු බැංකු ගිණුමකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් බැර වී ඇති බවට තොරතුරු අනාවරණය වීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.  

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top