Feb 13, 2020

කැබිනට් මණ්ඩලය නිලධාරිනියට පක්ෂව පෙනී සිටියි

පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ගම්පහ දිසා වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් පක්ෂව සිටින බව හා ඇයව ආරක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

රජය සෑම විටම රටේ නීතියට අනුව යම් රජයේ නිලධාරියෙක් වැඩ කටයුතු කරන්නේ නම් එම නිලධාරියා සමඟ සිටින බවයි ඒ මහතා සදහන් කළේය.

මීගමුව කලපුව ආශි‍්‍රතව ක‍්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා පැවැත්වූ සාකච්ඡාවකදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ක‍්‍රියාමාර්ගයක් ගන්නේද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට තරම් හේතුවක් නොමැති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සංවාදයක යෙදුණා මිස වරදකාරී අයුරින් හැසිරී නොමැති බවද කැබිනට් ප‍්‍රකාශකවරයා කීවේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top