Feb 14, 2020

උද්ඝෝශකයෝ ගැන රහස් වාර්තාවක්: ස්කොට්ලන්ඩ්යාඩ් ගිය 50ක් කොළඹට Featured

කොළඹ කේන්ද්‍ර කරගෙන පවත්වනු ලැබූ උද්ඝෝෂණ වලට සම්බන්ධ වූ පිරිස් ගැන රහස් බුද්ධි වාර්තාවන් රජයට ලබාදී ඇතැයි වාර්තා වේ.

රට අස්ථාවර කිරීමේ අරමුණින් මෙම උද්ඝෝෂණ පවත්වන බවට මේවන විට අනාවරණය වී ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

මේ උද්ඝෝශන මැඩපැවැත්වීමට ස්කොට්ලන්යාඩ් පොලිසියේ විශේෂ පුහුණුව ලත් පනහක කණ්ඩායමක් ඊයේ (12) සිට කොළඹට කැඳවා ඇතැයි ද පැවසේ.

සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළුව බ්‍රිතාන්‍ය රජයේ ආධාර ඇතිව විශේෂ පුහුණුව ලත් පොලිස් කණ්ඩායමක් මේ සඳහා අනුයුක්ත කර ඇත.

ඉකුත් දෙසැම්බර් 01 වැනිදා සිට මේ සතිය දක්වා කොළඹ නගරයේ උද්ඝෝෂණ 41ක් සංවිධානය කර ඇතැයි අනාවරණය වී තිබේ.

මෙම උද්ඝෝෂණ මෙහෙයවීම පසුපස විදෙස් රටක න්‍යාය පත්‍රයකට ක්‍රියාත්මක වන දේශපාලන හස්තයක් හා සරසවිවල දේශපාලන බලය ඇල්ලීමේ අරමුණින් ක්‍රියාත්මක සංවිධාන සිටින බව අනාවරණය වී ඇතැයි ද පැවසේ.

කොළඹදී පසුගිය රජය සමයේ එච්.එන්.ඩී.ඊ. සිසුන්ගේ උද්ඝෝෂණයකට පහරදී ඔළු පැලීමේ සිද්ධියෙන් පසුව එම රජය විසින්ම බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකා පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු ඇතුළු විශේෂිත කණ්ඩායමකට ස්කොට්ලන්තයේදී හා කළුතර පුහුණු පාසලේදී පුහුණුව ලබාදී තිබිණි.

කෙසේවුවද, පසුගිය රජය සමයේදී පොලිස් ප්‍රධානීන් අදාළ පිරිසේ සහය ලබාගෙන නොතිබිණි. ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ද ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල වී තිබිණි.

බ්‍රිතාන්‍ය රජයේ වියදමින් අදාළ පිරිසට පුහුණුව ලබාදී ඇති බවද පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top