Feb 14, 2020

වෙසක්වලට නව ආණ්ඩුවක් ! 

මාර්තු 01 වැනිදා හෝ 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරුණහොත් අප්‍රේල් 25-27-28 හෝ 29 යන දිනවලින් එකකදී මහ මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටී.

වෙසක් උත්සවයට පෙර ඡන්ද විමසීම පැවැත්විය යුතුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

කොළඹ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකින් පසුව මාධ්‍යවේදීන් හමුවේ කරුණු දක්වමින් ඔහු මේ බව කීය.

මැයි දිනය වැනි කරුණු හේතුවෙන් අප්‍රේල් අවසාන සතියේදී මැතිවරණය පැවැත්විය යුතුව ඇතැයිද ඔහු අවධාරණය කළේය.

මේ මැතිවරණය සඳහා අවශ්‍ය කටයුතු කිරීමට පසුගිය පෙබරවාරි 05 වැනිදා සිට මැතිවරණ නිලධාරීන්ට දන්වා ඇතැයිද ඔහු කීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top