ඒ අනුව ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 240 - 260 දක්වා ඉහළ ගොස් ඇත.
රුපියල් 110 - 120 කට අලෙවි වූ නෙදර්ලන්තයෙන් ගෙන්වන ලද ලොකු ලූනු කිලෝවක් රුපියල් 190 - 200 අතර මිලකටද, රුපියල් 110 - 120 කට අලෙවි කළ පකිස්තානු ලොකු ලූනු කිලෝවක් රුපියල් 230ක් දක්වාද, ඊජිප්තුවෙන් ගෙන්වන ලද 120ට අලෙවි කළ ලොකු ලූනු කිලෝව රුපියල් 190ක් දක්වාද ඉහළ නංවා ඇතැයි පැවසේ.
තත්වය ප්‍රයෝජනයට ගෙන මිල වැඩි කළා
ඉදිරි සති දෙක තුනක කාලය තුල ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කිරීමට හැකි වෙතැයි අපේක්ෂාවෙන් සිටින බවද එම නිසා පකිස්තානයෙන් හා නෙදර්ලන්තයෙන් ලොකු ලූනු තොග ඇණවුම් නොකිරීමට තොග ව්‍යාපාරිකයන් කටයුතු කර ඇති බවද ලොකු ලූනු තොග ව්‍යාපාරිකයෙකු සඳහන් කර සිටියේය.
පකිස්තානයට හා නෙදර්ලන්තයට මෙරටට ලොකු ලූනු එවීම සඳහා ඇණවුම් බාරදුන් පසු ඒවා නැව් ගතකර මෙරටට ළඟා වීමට මාසයකට වැඩි කාලයක් ගතවීම හා වත්මන් වෙළෙඳපොලේ මිලට එසේ ඇණවුම් කර ගෙන්වීමෙන් පසු ඒ වනවිට ඉන්දියානු ලොකු ලූනු අඩු මිලකට මෙරට වෙළඳපොළට පැමිණ තිබීම නිසා පාඩු සිදුවිය හැකි තත්ත්වයක් මතුවේ යැයි බියෙන් තොග වෙළෙඳුන් මෙම පියවර ගෙන ඇති බව ඒ මහතා පැවසීය.
මේ වනවිට මෙරටට ගෙන්වා ඇති ලොකු ලූනු තොග ආනයනකරුවන් විසින් මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගෙන මිල ඉහළ දමා ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.