Feb 14, 2020

චීනයේ සිට දියතලාවට ආ සිසුන් නිවෙස් කරා පිටත් වෙයි (වීඩියෝ)

චීනයේ වූහාන් හි සිට පැමිණ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රි ලාංකික සිසුන් 33දෙනා එම මධ්‍යස්ථානයෙන් යුද හමුදා මූලස්ථානය වෙත පිටත්ව තිබේ.

ඔවුන් එහිදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවීමෙන් අනතුරුව සිය නිවෙස් වෙත පිටතව යනු ඇත.

චීනයේ වුහාන් සිට පසුගිය 01 දින දියතලාව යුද හමුදා කඳවුරට රැගෙන  ආ තරුණියන් 18 දෙනෙකු හා තරුණයන් 15 දෙනෙකු එම පිරිස අතර සිටිති.

ඔවුන් ගොඩනැගිලි 3ක වෙන් වෙන් වූ කාමර තුළ රඳවා දින 14ක් තිස්සේ වෛද්‍ය පරීක්ෂණවලට ලක් කළ බවද, ඔවුන්ට ඇඳුම් පැළඳුම්, ආහාර ඇතුළු අනෙකුත් සියලු පහසුකම් ලබා දී අන්තර්ජාල පහසුකම් ඔස්සේ දෙමාපියන්ට හා ඥාතීන්ට කතාබහ කිරීමට අවස්ථාව ලබාදී තිබූ බව මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චමින්ද වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top