Feb 14, 2020

ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු 6ක් යළි රිමාන්ඩ්

පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනකු ලබන 28 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (14) නියෝග කළාය.

අධිකරණ නියෝගය මත රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කළ ඔවුන්ගේ දරුවන් තිදෙනාගේ රුධිර පරික්ෂණ වාර්තා අනුව එම දරුවන් තිදෙනා මොහොමඩ් ඊබ්‍රාහිමී ඉල්හාම් අහමඩ් සහ ෆාතිමා ඉල්හාම්ගේ දරුවන් බව රජයේ රස පරීක්ෂකවරයා දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය.

අප්‍රේල් 21 වැනිදා සිදුවූ බොම්බ පිපිරීමෙන් අනතුරුව අදාළ බොම්බකරුගේ බිරිඳ ද දෙමටගොඩ මහවෙල උද්‍යානයේ නිවස තුළදී බෝම්බ පුපුරවාගෙන සිය දිවි හානි කරගත්තාය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top