Feb 14, 2020

සතොස වංචා සිද්ධියේ ඉඩම බදියුදීන්ගේ බිරිඳට අයිති එකක් - CID

සතොස ආයතනයේ සිදුවූ වංචා සිද්ධියට අදාළ ලේඛන හා ඉඩම් ඔප්පු තොගයක් සම්බන්ධ සිද්ධියේ අදාළ ඉඩම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ වන එම්.එම්.අයිෂා යන අයට අයත් එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා වෙත දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ බදියුදීන් මහතාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්   අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ ඉඩමේ සිටි සැකකාර මොහොමඩ් ඉම්රාන් නැමැත්තා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර සැකකරු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද බුද්ධි තොරතුරකට අනුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් ප්‍රකාරව මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top