Feb 14, 2020

නව ජේම්ස් බොන්ඩ් තේමා ගීය එළිදකියි (වීඩියෝ)

අප්‍රේල් මාසයේදී එළිදැක්වීමට නියමිත නව ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ තේමා ගීතය මේ වන විට එළිදක්වා තිබේ.

'නෝ ටයිම් ටු ඩයි' නම් මෙම චිත්‍රපටයේ තේමා ගීතය ගායනා කරනු ලබන්නේ සම්මානනීය ගායිකාවක් වන බිලී එයිලිෂ් විසිනි.

මෙම ගීතයත් සමග මෙම චිත්‍රපටයේ නව පූර්ව ප්‍රචාරණ පටයද එළිදක්වා ඇත.

තවමත් 17 වියේ පසුවන බිලී, මේ සමග, ජේම්ස් බොන්ඩ් චිත්‍රපට සඳහා තේමා ගීතයක් ගායනා කළ ලාබාලතම ගායිකාව ලෙස ඉතිහාසගතවී අවසන්.

මෙම ගීතයේ තවත් විශේෂත්වයක් වන්නේ එය ඇය හා ඇගේ වැඩිමහල් සොහොයුරා විසින් එක්ව රචිත හා නිෂ්පාදිත ගීතයක් ද වීමයි.

ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වෙනුවෙන් තේමා ගීතයක් නිර්මාණය කිරීමට හැකිවීම ඔවුන් ගේ අරමුණක් ව තිබූ බව ඇය පවසයි.

ලබන සතියේදී පැවැත්වෙන බ්‍රිට් සම්මාන උළෙලේදී ඇය විසින් පළමු වරට මෙම ගීතය සජීවීව ගායනා කිරීමට නියමිතය.

ඇය විසින් ගයන'නෝ ටයිම් ටු ඩයි' ගීය මෙසේය : 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top