Feb 15, 2020

කොවිඩ්-19 ආසාදියන්ට සුවයපතා කොච්චිකඩේ දේවස්ථානයේ විශේෂ දෙව මෙහෙයක්

කොළඹ දෙවටගහ මුස්ලිම් පල්ලියේ ජුම්මා යාඥාවෙන් පසුව, 'කොවිඩ්-19' වෛරසයේ බලපෑමට ලක්වූ රාජ්‍යයන් වෙත සිය සහයෝගය දැක්වීමේ සහ ඊට ගොදුරු වූවන් වෙත අල්ලාහ් දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබාදීමේ විශේෂ දේව මෙහෙයක් ඊයේ (14) එම පල්ලියේදී පැවැත්වීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ යෝජනාවක් මත දෙවටගහ මුස්ලිම් පල්ලියේ ප්‍රධාන ජුම්මා යාඥාවෙන් පසුව මෙම විශේෂ දේව මෙහෙය සංවිධානය කර තිබිණි.

මේ අතර 'ශ්‍රී ලංකා චීන මිතුදම සුරකිමු, විපතට පත් ලෝකවාසීන්ට සුවය ප්‍රාර්ථනා කරමු' යන මැයෙන් ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පසුගිය සතියේදී චීන තානාපති කාර්යාලයේද සහභාගීත්වය හා සහයෝගය ඇතිව විශේෂ බෞද්ධාගමික වතාවත්වලද නිරත විය.

මේ අතර අද (15) කෝචිච්කඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ මධ්‍යන දේව මෙහෙයද කොවිඩ්-19' වෛරසයේ බලපෑමට ලක්වූ රාජ්‍යයන් හි වෙසෙන ජනතාවගේ සුවය ප්‍රාර්ථනා කරමින් පැවැත්වීමට නියමිතය.

එය ද ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු එම දේව මෙහෙය අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් මෙහෙයවනු ලබයි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් (Cheng Xueyuan) මහතා ද සහභාගිවීමට නියමිතය.

Wuhan Mass

කොළඹ දෙවටගහ මුස්ලිම් පල්ලියේ ජුම්මා යාඥාවේ විශේෂ අවස්ථා
ඡායාරූප - අද

View the embedded image gallery online at:
https://sinhala.srilankamirror.com/news/22806-19#sigProId3c69841dc4

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top