Feb 15, 2020

පණ අදින TV හා රේඩියෝ චැනල්වල මාර්තු 1න් පසුව පණ යවයි? Featured

ලබන මාර්තු 01 වැනිදායින් පසුව ආර්ථික අර්බුද මධ්‍යයේ ක්‍රියාත්මක රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා කිහිපයක් වැසීයාමට ඉඩ ඇති බව එම කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ ගීත නිර්මා­ණ­ක­රු­වන් 50,000කට‍ ­ආ­සන්න පිරි­ස­කට මාර්තු මස 01 වැනිදා සිට කර්තෘ භාගය ගෙවී­මට රජය තීරණය කිරීමත් සමඟය.

ගුවන් විදුලි ආය­ත­න­ව­ලින් රුපි­යල් 20ක් ද රූප­වා­හිනි ආය­ත­න­ව­ලින් රුපි­යල් 100ක මුද­ලක් ද කර්තෘ භාගය ලෙස ගෙවිය යුතු බව තොර­තරු සහ සන්නි­වේ­දන තාක්ෂණ සහ උසස් අධ්‍යා­පන, තාක්ෂණ සහ නවෝ­ත්පා­දන ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා කියා සිටී.

බුද්ධි­මය දේපළ අයි­තිය යටතේ ගීතයේ අයි­ති­ක­රු­වන්ට මෙම කර්තෘ භාගය ගෙවීම සිදු කරන අතර ගීත රචක, තනු නිර්මාණ ශිල්පී, ගාය­කයා ලෙස ගීතයේ අයි­තිය කොට­ස්ක­රු­වන් තිදෙ­නකු වෙත බෙදී යන බව ද ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ සෙයා බැලීමකදී මීට දස වසරකට පමණ පෙර එක්තරා මාධ්‍ය ආයතනයක් ගීත නිර්මාණ කරුවන්ගේ කර්තෘ භාගය ගෙවීමට උත්සාහයක් ගෙන තිබූ බව වාර්තා වේ.

කෙසේවුවද, මාධ්‍ය කේෂත්‍ර ප්‍රවීනයන් පවසන්නේ දුරකථන සමාගම්වලින් කර්තෘ භාගය ලබා ගැනීම වරදක් නොවන බවත්, ආර්ථිකය බිඳවැටී තිබෙන මේ අවස්ථාවේදී කලා කාරයන්ට බලාපොරොත්තුවක් මතු කිරීමට පමණක් මේ නීතිය ගෙනවිත් ඇති බවත්ය.

එසේම අමු අමුවේ අන්තර්ජාලය හරහා ගීත මංකොල්ල කන පිරිසට ආණ්ඩුව වැට නොබැඳීම සම්බන්ධයෙන් ගැටලු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

ලංකාවේ ප්‍රධාන නාලිකා කිහිපයක් ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම නීතිය ක්‍රියාත්මක කරන්නේද යන ගැටලුවද මේ වන විට මතුව ඇති බව ඔවුහු කියති.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top