Feb 15, 2020

සහල් මාෆියාව බිඳින හමුදා මෙහෙයුම් සාර්ථකයි, සම්බා 50යි නාඩු 44යි ! Featured

ගොවියන් සතු වී අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කිරීමටත් සහන මිලක් යටතේ පාරිභෝගිකයන්ට සහල් මිලට ගැනීමත් අපේක්ෂාවෙන් යුද හමුදාවේ මැදිහත් වීමෙන් අතරමැදියන් නොමැතිව ගොවියන්ගේ වී අස්වැන්න මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර කරයි.

රටේ ක්‍රියාත්මක සහල් මාෆියාවට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි මේ සඳහා යුද හමුදාව මැදිහත්වී සිටිති.   

මෙවර මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 383ක මුදලක් වී අලෙවි මණ්ඩලයට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට නිකුත් කිරීමට මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. 

මේ සඳහා යුද හමුදාව පසුගිය 31 වැනිදා සිට සක්‍රිය දායකත්වය සපයන අතර පසුගිය 3 වැනිදා වනවිට වී කිලෝ 253,750ක් පමණ මිලට ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලය දන්වා ඇතැයි වාර්තා වේ. 

ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරු මගින් පත්කර සිටින යුද හමුදා කර්නල්වරු හත්දෙනා විසින් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරු සමඟ සාකච්ඡා කොට ග්‍රාම නිලධාරී හා අවශ්‍ය ස්ථානවල ගොවි නියාමකවරුන් මාර්ගයෙන් ගොවියන් දැනුම්වත් කිරීම සිදුකරන අතර එහිදී වී අස්වනු රජයට ලබාදීමේ වැදගත්කම හා ඉන් රටට ජනතාවට සැලසෙන යහපත පිළිබඳව පෙන්වා දෙයි. 

ඒ අනුව ගොවීන්ගෙන් තෙතමනය සහිත වී මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර මෙහිදී සම්බා හා නඩු කිලෝව රුපියල් 50 බැගින්ද එම වර්ගවල තෙතමනය සහිත වී කිලෝව රුපියල් 44 බැගින්ද වන සහතික මිලකට ගන්නා ලබා ගන්නා බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top