Feb 16, 2020

ජේ ශ්‍රී රංගා ස්වර්ණවාහිනියෙන් දොට්ටදායි ! Featured

ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ජේ. ශ්‍රී රංගා මහතාට එම නාලිකා පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර ඇතැයි වාර්තා වේ.

ඔහුට එසේ එම ආයතනයට ඇතුළුවීම තහනම් කර ඇත්තේ ස්වර්ණවාහිනිය මිලදීගෙන ඇති ලයිකා මොබයිල් සමාගම් සමූහයේ නියෝජ්‍ය සභාපති (Group Deputy Chairman at Lycamobile) ප්‍රේම් සිවසාමි මහතා විසිනි.

කෙසේවුවද, ශ්‍රී රංගාගෙන් අප කළ විමසුමකදී ඔහු තමා ඉවත්කර ඇති බව නිලවශයෙන් දන්වා නැතැයිද කෙසේවුවද, එවැන්නක් සිදුකර ඇති බවට තොරතුරක් ඇතැයිද ශ්‍රී ලංකා මිරර් සමග කියා සිටියේය.

ශ්‍රී රංගා මහතා පත්කරන ලද දිනයේ සිට ස්වර්ණවාහිනී නාලිකාව දිගින් දිගටම පාඩු ලැබීම ඒ මහතා ඉවත් කිරීමට හේතුවී ඇතැයි ස්වර්ණවාහිනී අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සබැඳි පුවත්
ස්වර්ණවාහිනියේ 3කගේ සේවය අත්හිටුයි !

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top