Feb 17, 2020

නීතීඥ අනිල් ද සිල්වා - විනිසුරු සිසිරි ආබෲ CID යට ! Featured

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඬ පට සංවාද සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ අනිල් ද සිල්වා මහතා හා විනිසුරු සිසිර ආබෲ මහතාගෙන්ද ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදානම්වන බව වාර්තා වේ.

ඒ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී රණවක මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කර ඇති පැය දෙකහ මාරක ප්‍රකාශය හා ඇය හා රන්ජන් අතර සිදුවූ සංවාදයේදී මොවුන්ගේ නම් සම්බන්ධවීම නිසාය.

දුමින්ද සිල්වාට එරෙහිව නඩු තීන්දුව දුන් අවස්ථාවේදී නීතීඥ අනිල් ද සිල්වා අධිකරණයේ නැගී සිටිමින් මහාධිකරණ විනිසුරු රණවක මහත්මියට බැණ වැදුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඬ පට සංවාදයෙන් හෙළිව ඇති අතර එය අධිකරණයට බලපෑමක් නොවන්නේදැයි රණවක මහත්මිය කර ඇති ප්‍රකාශය හේතුවෙන් අනිල්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට සූදානම් වන බව පැවසේ.

අදාළ සංවාදයේ හඬපටය පහත දැක්වේ.

via ytCropper

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top