Feb 17, 2020

ප‍්‍රවේශමෙන් - අන්තර්ජාලයේ හොර ගේම් වැඩිවෙලා Featured

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක‍්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා වැඩි වී ඇතැයි ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත ලැබී ඇති බවද මේ නිසා අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් ප‍්‍රවේශම් වන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටින බව සඳහන් කරයි.

මෙවැනි වංචා වැඩිවීමක් මෑතකදී තම සංගමයට නිරීක්ෂණය වී ඇති අතර වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීම් වැනි ක‍්‍රම හරහා සමාජ මාධ්‍ය අඩවි තුළ සිදුවන බව අනාවරණයවී ඇති බව වාර්තා වේ. 

නොදන්නා අය සමඟ සේයාරූ හුවමාරු එපා

සමාජ ජාලා මාධ්‍යයන්හි සැරිසරද්දී නාඳුනන පුද්ගලයන් සමඟ කෙටි පණිවිඩ  ඔස්සේ සබඳතා පවත්වද්දී තමන්ගේ හෝ වෙනත් අයගේ ඡායාරූප හුවමාරු කර නොගන්නා ලෙස පොලිසිය ජනතාවට අවවාද කරයි.

ජාවාරම්කාර පුද්ගලයන් විසින් කෙටි පණිවිඩ ඔස්සේ සම්බන්ධ වන අයගේ ඡායාරූප ලබාගෙන ඒවා නිරුවත් ඡායාරූප හා සංස්කරණය කොට දේශීය හා විදේශීය වෙබ් අඩවිවලට විකුණන ජාවාරම් සිදුවන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම නිසා මෙවැනි වංචාකාර පුද්ගලයන් ගැන අවධානයෙන් සිටින ලෙසත් එවැනි පුද්ගලයන් ගැන යම් හෝඩුවාවක් ලැබුණහොත් පොලිසියට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top