Feb 19, 2020

විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත්ට ඇප

අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී විශ්‍රාමික යුද හමුදා මේජර් හා නීතිඥ අජිත් ප්‍රසන්න මහතා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද (19) නියෝග කළේය.

එහිදී රිමාන්ඩ් භාරයේ පසුවන අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුතු පිළිබඳව මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම විත්තිකරුට සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ඇප කොන්දේසියක් පනවනු ලැබුවේය.

විත්තිකරු විසින් මෙම ඇප කොන්දේසිය උල්ලංඝනය කර තිබෙන බවට කරුණු තහවුරු වුවොත් ඇප අවලංගු කොට නඩුව අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන බවද විනිසුරුවරයා අවධාරණය කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top