Feb 19, 2020

ප්‍රශ්නය උඩු දුවයි, මතට ඇබ්බැහිවූ සිසුන් ලක්ෂ 3ක් ! Featured

ප්‍රපසමස්ත දිවයිනේම වයස අවුරුදු 18ට අඩු දරුවන් හෙරොයින්, ගංජා, මත් පෙති, මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කුමන හෝ මත්ද්‍රව්‍යක් භාවිත කරන බවට වාර්තා වී ඇති මුලු සිසුන් සංඛ්‍යාව 295,872 ක් බව වාර්තා වේ.

මෙම තොරතුරු ලබා ගෙන ඇත්තේ පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය හා ඒ ආශ්‍රිතව සිදුවන වැරැදි පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරු අනුව බව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඒ සඳහා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් දැනුම්දීමට 0777128128  යන ක්ෂණික දුරකථන අංකයක්ද හඳුන්වා දී ඇත.

සෑම පාසලකටම පොලිස් නිලධාරියෙක්

පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගැනීම වෙනුවෙන් පාසල් ප්‍රජාව සක්‍රීය ව බලගැන්වීමත්, වැරදි අවබෝධයන් මත මත්ද්‍රව්‍ය සඳහා යොමුව සිටින සිසුන් එයින් මුදවාගනිමින් සියලු පාසල් මතින් නිදහස් පරිශ්‍ර බවට පත්කිරීමත් අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවත්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයත් ඒකාබද්ධ ව විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබේ.

එහි පළමු අදියර යටතේ ශ්‍රී ලංකාවේ පාසල් අතර වැඩිම මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සිදුවන බවට හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 49ක් ඉලක්ක කරගනිමින් “සුරක්ෂිත හෙට දවසක් ”යන තේමාවෙන් විශේෂ වැඩසටහනක් හඳුන්වාදීම අද (18) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top