Feb 19, 2020

කාවිංග පෙරේරා 03දා තෙක් රිමාන්ඩ් කරයි

තලංගම වේලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අනතුරකට ලක්කර මරණයට පත්කර පළාගිය ජනප්‍රිය නළු කාවිංග පෙරේරා කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඔහු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ තංගලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

අද (19) අලුයම් කාලයේ වේලේ කඩේ හන්දියේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මාර්ග නඩත්තු කටයුතුවල නිරතවෙමින් සිට ඇති අතර, ඒ ආසන්නයෙන් වේගයෙන් රථය පැදවූ කාවිංග පෙරේරා ඉන් එක් අයෙකු යටකර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මතුගම මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වසන්ත උදයකුමාර නැමැති පුද්ගලයෙකි.

කෙසේවුවද, ආදාළ පුද්ගලයා යටකර කාවිංග පෙරේරා ඵලා ගොස් ඇති බවත්, එම අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර සිටි බවත්, මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුරට පත් සේවකයා බරපතල තුවාල සහිතව වැටී සිටියදී සෙසු සේවකයින් ඔහුව ඔසවා වෙනත් වාහනයකින් රෝහල් ගත කළ පසුව මරණයට පත්ව ඇති බව පැවසේ.

පසුව මේ ගැන තලංගම පොලිසියට සිදු කළ පැමිණිල්ල මත අවට සීසීටීවී පරීක්ෂා කර එම අවස්ථාවේ ධාවනය කරමින් සිටි වාහනය හඳුනාගන්නට පොලිසිය සමත්ව තිබෙන අතර අනතුර සිදු කර ඇත්තේ එම වාහනය හිමි ටෙලි නළු කවිංග පෙරේරා බව හඳුනාගෙන තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top