Feb 20, 2020

තෙල් මිල අඩුවෙන්නෙ නෑ

ඉන්ධන මිල අඩුකිරීමක් පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

පසුගිය කාලසීමාව තුළ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීමෙන් රජයට අලාභයක් වූ බව අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්මෙින් ඔහු ප්‍රකාශ කළේය.

එසේම පෙට්‍රල් හා ඩීසල් ලීටරයකින් රජය විශාල පාඩුවක් ලැබූ බවත් එම අලාභය පියවා ගැනීමෙන් පසුව ඉන්ධන මිල අඩුකිරිමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top