Feb 20, 2020

තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ පරීක්ෂණය මාර්තු 26ට කල්යයි

මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාර්තු 26 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (20) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ දුරකතන 500 ක පමණ විශ්ලේෂණ වාර්තා සසඳමින් පරීක්ෂණ කටයුතු සිදුකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව සිද්ධියේ සැකකරුවන් දෙදෙනකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන අයගේ අසනීප තත්ත්වය හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටින බවට ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top